දියවඩන නිලමේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට – මාළිගාවේ සල්ලි ගසාකාලා ?

දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේවන විට ප්‍රශ්න කරමින් සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ දළදා මාළිගාවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි.

දළදා මාළිගාවට ලැබුණු මුදල් හා සම්පත් අයුතු ලෙස භාවිතා කළැයි කියමින් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගියදා දූෂණ විරෝධී පෙරමුණ පැමිණිල්ලක්ද කළේය.

මහනුවර ඇසළ පෙරහර භාරය පනතේ වගන්තිවලට පටහැනිව යමින් මහාභාරකාරවරයාගේ හා පෙරහර මණ්ඩලයේ අවසරයකින් තොරව සමාගම් 25කින් මුදල් එක්රැස්කර තිබෙන බවත්, දියවඩන නිලමේවරයාගේ බලතල ඉක්මවා යමින් දළදා මාළිගාවට අයත් උඩගෙදර වත්ත ඉඩම කොටස් කර විකුණා තිබෙන බවත්, එකී පැමිණිල්ලේ සඳහන් විය.

එසේම දළදා මාළිගාවට ලැබෙන රත්‍රන් යොදාගෙන නිලංග දෑලබණ්ඩාර මහතාගේ මිනිකූපර් වර්ගයේ මෝටර් රථයේ අගුළු, බැනර් ආදිය අලංකාර කර තිබෙන බව එහි දැක්වේ.

දූෂණ විරෝධී පෙරමුණ වෙනුවෙන් පූජ්‍ය උලපනේ සුමංගල හිමි සහ ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නීතීඥ ශිරාල් ලක්තිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...