දොස්තර ස්ත්‍රී දුෂණයකු කරවීමේ මෙහෙයුම

0
116

බණ්ඩාරවෙල දිසා රෝහලේ වෛද්‍යවරයෙකු ස්ත‍්‍රී දුෂණ චෝදනාවකට ලක් කරවීම සඳහා ස්ත‍්‍රියක් මෙහෙයවූ පාතාල කල්ලියක සාමාජිකයන් දෙදෙනෙක් ඇල්ල පොලිසිය විසින් 08දා සවස සිදුකල මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් ලක්ෂ දෙකක මුදලකට මෙම කොන්ත‍්‍රාත්තුව ලබාගත් සැකකරුවන් ඉන් රුපියල් විසිපන්දහසක් දෙන බවට පොරොන්දු වී දික්වැල්ල ප‍්‍රදේශයේ පදිංච් 30 හැවිරිදි දෙදරු මවක් මේ සදහා යොදාගෙන පෙරේදා බණ්ඩාරවෙලට පැමිණ මෙම කාන්තාවට වෛද්‍යවරයා පෙන්වාදි ඇතැයිද පොලිසිය කියයි.

සැලැසුම කි‍්‍රයාත්මක කිරිම සඳහා පෙරේදා 7 දා උදේ වෛද්‍යවරයා හමුවට මෙම කාන්තාව පැමිණ ඇති අතර එම කාන්තාව පිළිබඳ සැක සිතූ වෛද්‍යවරයා ඇගෙන් ප‍්‍රශ්න කිරිමෙිදි අනාවරණය වු තොරතුරු නිසා සැකකාරිය කැටුව ගොස් බණ්ඩාරවෙල පොලිසියට පැමිණිලි කර ඇත.

වෛද්‍යවරයා ස්ත‍්‍රි දුෂණ කල බවට වැල්ලවාය පොලිසියේ පැමිණිලි කිරිමටත් සැලසුමිකර තිබු සැකකරුවන් පෙරේදා සවස ඇය කැටුව යාමට ඇල්ලේ ආදාල හෝටලයට පැමිණි අවස්ථාවෙි සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.