රජයේ රෝහලක වෛද්‍යවරයකුගේ රූමත් තරුණ බිරිඳක් සිය සැමියාගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණයකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා ගැනීමෙන් හරිහැටි රැකියාවක් පවා නොමැති තරුණයකු සමඟ දීග කන්නට වෛද්‍යවරයාගෙන් සමුගැනීමේ සිද්ධියක් කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයෙන් අසන්නට ලැබිණි.
කළුතර ළමා හා කොට්‌ඨාස කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මිය මෙම වෛද්‍යවරයා හා ඇයගේ බිරිඳ එක වහලක් යටතට පත් කිරීමට සෑහෙන උත්සාහයක් ගෙන ඇතත් තරුණ බිරිඳ සිය සැමියා සමඟ දීග කෑවත් තමන්ගෙ තරුණ ජීවිතය දීප්තිමත් නොවන බව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
වෛද්‍යවරයා රෝහලේ රාත්‍රි සේවා කටයුතුවල නියෑළී සිටියදී ඇයගේ පෙම්වතා සිය නිල නිවසට පැමිණෙන බවද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
සිය බිරිඳගේ ඥතීන්ගෙන් වෛද්‍යවරයාට දැවැද්ද වශයෙන් ලැබුණ නවීනතම මෝටර් රථය ද වෛද්‍යවරයා විසින් මෙහිදී තමන්ගෙන් වෙන්වී යන රූමත් බිරිඳට ආපසු භාරදී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.