බල්ලා, මිනිසාට විශේෂ ප‍්‍රයෝජනයක් ඇති සතෙක් නිසා මෙවර අය වැය මගින් බල්ලන්, පූසන් ඇතුළු සතුන්ට ලබාදෙන සත්ව ආහාර සදහා බදු සහන ලබාදීම හොඳ දෙයක් බව අගමැති දි.මු.ජයරත්න පැවසීය. පාර්ලිමේන්තුවේදී සඳුදා (02) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව සඳහන් කළේ අය වැය මගින් සත්ව ආහාර සදහා ලබාදී ඇති බදු සහනය පිලිබඳව මාධ්‍යවේදියෙක් නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.
හොරුන්ගේ හා විරුද්ධවාදීන්ගෙන් ජීවිත ආරක්ෂා කිරීමේදී බල්ලාගෙන් විශේෂ ප‍්‍රයෝජනයක් ඇති බවද අගමැතිරයා පැවසුවේය. සොරකමක් සිදුවූ විට, සොරුන් අල්ලාගැනීමේදී බල්ලා යොදාගන්නා බවත් අගමැතිවරයා සිහිපත් කළේය. මේ නිසා බල්ලන්ට ආධාර කිරීම වැදගත් බවද ජයරත්න පැවසුවේය. මේ අනුව මිනිසාට වඩා ටිකක් වැඩියෙන් බල්ලන්ට සැලකිය යුතු බවද අගමැතිවරයා සදහන් කළේය. මෙවර අය වැය ලේඛණය මගින් ජනාධිපතිවරයාගේ වැය ශීර්ශය සදහා විශාල මුදලක් වෙන් කර ඇති බව පෙනී යන්නේ ආයතන විසි දෙකක් ඇතුළත්වීම නිසා බව වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා කීවේය.
ලසන්ත වීරකුලසූරිය – සංජය නල්ලපෙරුම
lakbima