අසූ හැවිරිදි පුද්ගලයකු සුනඛයකු විසින් සපාකෑ අවස්ථාවේ ජලභීතිකා රෝගය වැළැක්‌වීමට එන්නත් කරනු ලබන එන්නත වෙනුවට සුනඛයින්ට ජල භීතිකා රෝගය වැළැක්‌වීමට විදිනු ලබන එන්නතක් නිකුත් කළ කළුතර නගරයේ ෆාමසියක එම එන්නත් තොගයට ඊයේ (19 දා) දහවල් මුද්‍ර තබන ලදී. රෝගියාට එම එන්නත දුන් රෝහල් කාර්ය මණ්‌ඩලය ගැනද කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරුන් පිරිසක් විසින් මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර ඇත. අදාළ පෞද්ගලික රෝහලේ වෛද්‍යවරයා නිර්දේශ කළ පළමු එන්නත, ෆාමසියෙන් මිලදී ගෙන රෝහල වෙත ගෙන ගිය පසු එම එන්නත රෝහල් කාර්ය මණ්‌ඩලය විසින් රෝගියාට එන්නත් කර ඇත.
ඒම පුද්ගලයා දෙවැනි එන්නතද පෙරේදා (18 දා) අදාළ ෆාමසියෙන් මිලදී ගෙන එන්නත් කිරීමට යැමේදී එය සුනඛයින්ට විදින එන්නතකැයි වෛද්‍යවරයා පවසා අැත. ඉන් පසුව සුනඛයාගේ සපා කෑමට ලක් වූ කළුතර, හීනටියන්ගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ පුත්‍රයා ඒ පිළිබඳව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට පැමිණිලි කර ඇත. වෛද්‍ය කණ්‌ඩායමක් ඒ අනුව පරීක්‍ෂණ ආරම්භ කළ ෆාමසියේ අදාළ එන්නත් තොගයට මුද්‍ර තබා රෝගියාට වැරදි එන්නත විදිනු ලැබූ පෞද්ගලික රෝහලේ කාර්ය මණ්‌ඩලයෙන්ද ඒ පිළිබඳ ප්‍රශ්න කර තිබේ. එම වෛද්‍ය කාර්ය මණ්‌ඩලය පිළිබඳවද පරීක්‍ෂණ මේ වන විට පැවැත්වෙයි.