Wednesday , 22 January 2025

ෆොන්සේකා දකුණේ තුන්වැනි බලවේගයවේ

උතුර, මධ්‍යම සහ වයඹ පළාත් සභාවට සභිකයන් තෝරා පත් කර ගැනීම සඳහා ඊයේ පැවති ඡන්ද ප‍්‍රථිපල අනුව මෙතෙක් තුන්වෙනි බලවේගය ලෙස පැවති ජනතා විමුක්ති දැවැන්ත පරාජයකට ලක්ව තිබේ.

සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂය’ මෙම මැතිවණයේදී බොහෝ ආසනවල 5% ආසන්න ඡන්ද ප‍්‍රතිශතයක් වාර්තා කර ගනිමින් මන්ත්‍රී ධුර 05 ක් ද හිමිකරගෙන ඇත. ජනතා විමුක්ති පෙරමුණට හිමිව ඇත්තේ, එක මන්ත්‍රී ධුරයක් පමණි.

ෆොන්සේකාගේ පක්ෂය මධ්‍යම පළාතෙන් ඡන්ද 45,239 ක් ලබාගෙන ආසන දෙකක් හිමිකරගෙන සිටී. ජනතා විමුක්ති පෙරමුණට හිමිව ඇත්තේ ඡන්ද 13,887කි.

වයඹ පළාතෙන් 46,114ක් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන තුනකට හිමිකම් කියයි. ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 19,624කි. ලැබුණු අසාන සංඛ්‍යාව එකකි.

2009 පළාත් සභා ඡන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යම පළාතෙන් ඡන්ද 15,416 ක් (2013 හා සසඳන විට ඡන්ද 1529ක අඩුවකි.) ලබා ගෙන ඇත. එවර ද ආසනයක් හිමිව ඇත.

2009 පළාත් සභා ඡන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණ වයඹ පළාතෙන් ඡන්ද 20,428ක් (2013 හා සසඳන විට ඡන්ද 804ක අඩුවකි.) ලබා ගෙන ඇත. එවර ද හිමිව ඇත්තේ එක් ආසනයක් පමණි.

srilankamirror

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...