-බ්‍රිතාන්‍යයේ හිටපු මහා කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයා වශයෙන්, සිය පත්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ලබාගනු ලැබූහ.
ක්‍රිස් නෝනිස් මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිධරයෙක් වන අතර ඔහු සිය පශ්චාත් උපාධිය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ලබා ගන්නා ලදී. වෛද්‍යවරයෙකු ලෙස වසර ගණනාවක් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ කටයුතු කර ඒ මහතා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස වෛද්‍ය වෘත්තියේ ඉහළ ගෞරවයක් ද දිනා ගත්තේය.

