වෛද්‍යවරියට රුපියල් දහ අට කෝටියක වන්දි ගෙවීමට නියෝග කරයි

-කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනයක් බැලීමට ගොස් එහි අවාරණයක් කඩා වැටී සදා කාලික අංගවිකල තත්ත්වයට පත් වූ වෛද්‍ය ශිෂ්‍ය සමිතා සමන්මලීට (දැන් වෛද්‍යවරියකි) රුපියල් දහ අට කෝටියක වන්දි ගෙවන ලෙස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට නියෝග කළේය.
දොස්තර සමන්මලීගේ ඉදිරි වෛද්‍ය වියදම් වෙනුවෙන් රුපියල් කේටි 11ක් ද, ඇගේ ඉදිරි ආදායම අහිමි වීමේ වන්දිය ලෙස රුපියල් කෝටි පහක් ද, ඇයට ඇති වූ චිත්ත පීඩාව හා වේදනාව වෙනුවෙන් රුපියල් දෙකෝටියක් ද ගෙවන ලෙසත්, 2009 ඔක්තෝබර 16 වැනි දා සිට පොලිය ද සමඟ වන්දි ගෙවිය යුතු බවත් දිසාවිනිසුරු හෙට්ටිආරච්චි මහතා නියෝග කරන ලදී. නඩුව අවසානයේ දී දොස්තර සමිතා පවසන ලද්දේ ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ, ජී ජී අරුල් ප්‍රගාසම්, විසුරද ලිවේරා තෙන්නකෝන්, නිලන්ත කුමාරගේ, රංජිත් හතුරුසිංහ තමන අයිතිවාසිකම් වෙනුවෙන් ගරු සේවයක් ද කළ බවයි.

samitha500

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...