13.3 C
London
Friday, November 14, 2025
spot_img

ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට.

අද ඇමති මණ්ඩල අනුමැතිය සඳහා ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලද බව රජයේ ආරංචි පවසන අතර එය හෙට (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ. තව ද අභිමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ දින සියය වැඩසටහනෙහි දක්වා ඇත්තේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පෙබරවාරි 06 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණ බවයි. ඖෂධ පනත නව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ සම්මතකැර ගැනීම සඳහා එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද අදාල පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවේ දී අස්ථාන ගතවී තිබිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඖෂධ පනත ක්‍රියාත්මක කිරීමෙන් මෙරට දිළිඳු ජනතාවට විශාල සහයක් හිමිවන බවයි. එය එසේ වනවා නම් ඉතාමත් හොද යැයි රටේ සියලු ජනතාව වෙනුවෙන් ඉත සිතින් ස්තූතියිවන්ත වෙමු.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles