දුලංජලීට සල්ලි දුන්නු කෝටිපති ව්‍යාපාරිකයා හොර නෝට්ටු රජෙක්

දිවංගත ආර්. ප්‍රේමදාස මහතාගේ දියණිය දුලාංජලී ජයකොඩි මහත්මියට රුපියල් විසි ලක්ෂයක් වටිනා රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 400ක් ලබාදී තිබූ ඇඟලුම් කම්හල් කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ නිවෙසේ තිබූ තවත් රුපියල් විසි ලක්ෂයක රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 403ක් රහස් පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඒ අනුව මෙතෙක් සොයාගෙන ඇති රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු තොගයේ වටිනාකම රුපියල් 40 ලක්ෂයකට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කෙළේ පෙරේදා (25දා) සවස කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට දුලංජලී මහත්මිය රැගෙන ආ රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු තොගය සමඟ එම කළමනාකාර අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී එම ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීමට උපයෝගී කරගත් ප්‍රින්ටර් යන්ත්‍රයක්, ඩොංගල්, ඒ 04 සීට්, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ඇතුළු ව්‍යාජ නෝට්ටු මුද්‍රණයට යොදාගත් බවට සැක කරන භාණ්ඩ කීපයක්ද රහස් පොලිසිය භාරයට ගෙන ඇති බවයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...