-ලෝක කුසලාන තරගාවලිය ආබාධයකට ලක්වීම හේතුවෙන් අහිමිවූ වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලෝක කුසලාන තරගාවලියට එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති අතර දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක්කිරීම පිළිබඳව අවශ්‍ය අවසර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ලබාගත යුතු අතර, ඒ සඳහා අවශ්‍ය අවසරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇත.
23 හැවිරිදි චමීර නවසීලන්තය හා පැවැති තරගාවලියේදී එක්දින වරම් හිමිකරගත් අතර, එම තරගයේදී කඩුලු දෙකක් දවාගැනීමට ද ඔහු සමත් වී ඇත.
