මමත් නඩුවක් දානවා – ගල් ගසන බව කී උපුල් කියයි

පොලිසිය තාම මගෙන් කට උත්තරයක්‌ අර ගෙන නැහැ. ආවොත් නිසි උත්තරය දෙන්න මම ලෑස්‌තිවෙලා ඉන්නවා යෑයි දකුණු පළාත් සභා ඇමැති ඩී. වී. උපුල් මහතා ප්‍රකාශ කරයි.

මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ නිලධාරීන්ට ගල්වලින් පහරදී මරා දමන බවට රැස්‌වීමකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්‌ කළ බවට උපුල් මහතාට විරුද්ධව නඟන චෝදනා පිළිබඳව ඇසූ ප්‍රශ්නයකට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

පොලිසියේ මහත්වරු මගෙන් තාම ඒ ගැන කටඋත්තරයක්‌ අරගෙන නැහැ. එතකොට මම උත්තර දෙන්නම්. අපි බද්දට ගත්ත වීරවිල නිවසේදී 40-50 ට විතර දේශපාලන සාකච්ඡා තිබ්බා. මගේ අනුදැනුම මත කිසිම මාධ්‍යවේදියකුට මෙම රැස්‌වීමට ඇරයුම් කළේ නැහැ. මාධ්‍යවේදීන් කිසිවෙකු හිටියේ නැහැ. මං කරපු කතාව “මුහුණුපොතේ” එතන හිටිය කෙනෙක්‌ දාලා තියනවා.

මටත් කියන්න දේවල් තියනවා. ලබන සඳුදා වෙන කොට මමත් නඩුවක්‌ දානවා. ඕනෑනම් මම කතා කරපු වීඩියෝ පටිය පොලිසියටත් බලන්න දෙනවා යෑයි ඩී. වී. උපුල් මහතා කියා සිටියේය.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...