13.3 C
London
Friday, November 14, 2025
spot_img

කරාඹු දෙක ගන්න මිනියක් ගොඩදාලා

අනුරාධපුර ගම්බිරිගස්‌වැව, පලුගොල්ලෑව පොදු සුසාන භුමියේ කොන්ක්‍රීට්‌ දමා මිහිදන් කොට තිබූ විසි හැවිරිදි තරුණ මවකගේ මළ සිරුරක්‌ ගොඩ ගෙන ඇගේ දෙකන්වලට දමා තිබූ කරාබු ජෝඩුවක්‌ ගලවා ගෙන ගොස්‌ ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි යුද හමුදාවේ සේවය හැර ගිය සෙබළෙකු ඇතුළු තරුණයන් සිවුදෙනෙක්‌ අනුරාධපුර පොලිසිය විසින් පෙරේදා (16) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ අනුරාධපුර පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 ත් 28 ත් අතර වයසේ පසුවන අය බව පොලිසිය පැවසීය.

පවුලේ ආරවුලක්‌ මත ගම්බිරිගස්‌වැව, පලුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි විසි හැවිරිදි එක්‌ දරු මවක්‌ වන ආර්. බී. සකුන්තලා කුමාරි යන අය ඉකුත් 11 වෙනිදා ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගෙන තිබූ අතර ඇගේ දේහය අනතුරුව ඥතීන් විසින් 13 වෙනිදා සවස පලුගොල්ලෑව පොදු සුසාන භූමියේ කොන්ක්‍රීට්‌ දමා මිහිදන් කොට තිබිණි.

ඉන් පැය කීපයකට පමණ පසු එදිනම රාත්‍රී කිසියම් පිරිසක්‌ විසින් ඇය මිහිදන් කළ වළේ කොන්ක්‍රීට්‌ තට්‌ටුව ඉවත් කොට මළ සිරුර ගොඩ ගෙන අනතුරුව ඇගේ දෙකන්වලට පළඳවා තිබූ කරාබු ජෝඩුව ගලවා ගෙන නැවත මළ සිරුර නිකන්ම වළට දමා ගොස්‌ තිබිණි.

පසු දින ඒ බව දුටු මියගිය කාන්තාවගේ ඥතීන් විසින් අනුරාධපුර පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව මළසිරුර මිහිදන් කොට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වූ තොරතුරු මත සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් ඊයේ (17 දා) අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles