-ලොවපුරා බිලියනයකට වැඩි රෝමානු කතෝලික ජනතාව පාස්කු ඉරිදා සමරනවා. ජේසුස් වහන්සේ දුක් ප්‍රාප්තියෙන් නැගීසිටි දිනය ලෙසයි කිතුනු බැතිමතුන් මෙම දිනය සලකන්නේ. වතිකානුවේ දී කිතුනු බැතිමතුන් ඇමතූ ශුද්ධෝත්තම පාප්වහන්සේ ප්‍රකාශ කළේ, ජන කොටස් අතර පවතින විෂමතා තුරන් කිරීමට සියලු දෙනා උත්සාහ කළයුතු බවයි. ලේ වැගිරීම් වෙනුවට සත්‍යය , අලංකාරය සහ ආදරය සෙවීමට ජනතාව උත්සාහ දැරිය යුතු බවත් පාප්වහන්සේ එහිදි සදහන් කළා.
