-මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදුකිරීම සඳහා අද (07) පෙරවරුවේ සිට සියලූ ඡන්ද පෙට්ටි විශේෂ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල සිට ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙන යාම සිදු කෙරේ. ඡන්ද පෙට්ටි සමග මැතිවරණ නිලධාරින් සහ අදාල ලිපිලේඛන ද ඡන්ද මධ්‍යස්ථාන කරා පිටත් කර යවනු ලැබේ. මැතිවරණ දිස්ත‍්‍රික්ක 22 පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,313 කදී ඡන්ද විමසීම සිදුකරනු ලැබේ. එහි රාජකාරි කටයුතු සඳහා නිලධාරින් එක්ලක්ෂ 50,000 ක් පමණ සේවයේ යොදවන බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර, ජනාධිපතිවරණය හේතුවෙන්, දිවයිනේ සියලුම සුරාසැල් හෙට සහ අනිද්දා දෙදින තුළ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරනු ලැබේ.
ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන් වී ඇති බැවින් අද සහ හෙට කිසිදු ආකාරයක උද්ඝෝෂණ, විරෝධතා සහ පාගමන් යනාදිය සංවිධාන කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමසාරිස්වරයා සියලූම පක්ෂ ලේකම්වරුන්ට ද දැනුම්දී ඇත.
ජනාධිපතිවරණය හේතුවෙන් සියලූම රජයේ පාසල් අද සිට අනිද්දා දක්වා වසා තැබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. යළි එම පාසල් විවෘත කරනු ලබන්නේ මේ මස 12 වැනි දිනයි.