Wednesday , 12 February 2025

සියළුදෙනා ඡන්දය පාවිච්චි කරන්න එන්න “මහින්දත් මෛත්‍රීපාලත් ඒක් මතයකට”

ජනවාරි 8 වන දින එනම් අද දිනට යෙදෙන ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස පැවැත්වීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමස්ත ශ්‍රී ලාංකිකයන්‍ගෙන් ඉල්ලා සිටී.
මෙම මැතිවරණය තීරණාත්මක බැවින් රටක
ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ සාමය ආරක්ෂා කිරීම සඳහා තමතමන්ගේ උපරිම සහයෝගය ලබා දෙන ලෙස රජයේ නිළධාරීන්ගෙන් ද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා මෙම ඉල්ලීම කර ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම මැතිවරණය නිදහස් හා සාධාරණ අයුරින් පැවැත්වීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තු නිළධාරින්ට මෙන් ම පොලීසියට ද අවශ්‍ය සියලු සහයෝගයන් ලබා දෙන ලෙස ඡන්ද දායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
එසේම මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිසියේ හැටහයදහස්
එකසියයක පිරිසක් සහ විශේෂ කාර්ය බළකායේ පන්දහසක් සමඟ හැත්තෑඑක්දහස් එකසියයක පිරිසක් (71100) යොදවා තිබේ. දිවයින පුරා ස්ථිර මාර්ග බාධක 400 ක් සහ ක්ෂණික මාර්ග බාධක යොදවා තිබෙන අතර සැකකටයුතු වාහන හා පුද්ගලයන් පරීක්ෂා කිරීම ඉන් සිදුවෙයි. පොලිස් ජංගම සංචාර 2884 ක් ක්‍රියාත්මක වන අතර සියලු ඡන්ද ප්‍රදේශ එමගින් පරීක්ෂාවට ලක්වන බව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පවසයි.
තව දුරටත් මෙම මැතිවරණය සාමකාමී ලෙස පවත්වා ගැනීම සඳහා සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත චක්‍රෙල්ඛයක් යවා දිවයිනේ සියලු සුරාසැල් අද සහ හෙට (08 සහ 09) දෙදින වසා තබන ලෙස ද දන්වා ඇත.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...