19.4 C
London
Thursday, June 19, 2025
spot_img

නීති විරෝධී වැඩ කරොත් වෙඩි තියන්නෙ ඔලුවට

ඡන්ද දායකයෙකු හෝ ඡන්දපොල නියෝජිතයෙකු වැළැක්වීමට කිසිවෙකු උත්සාහ කළහොත් එම මධ්‍යස්ථානයේ ඡන්දය ශූන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා අවධාරණය කළේයග ඒ මහතා කියා සිටියේ ඡන්දපොලකට පැමිණ කිසියම් අයෙක් බාධාවක් කළහොත් උපරිම බලය ක‍්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් දී ඇති බවයිග නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැකි බවට තමන්ට සියයට සියයක් ස්ථීරවම කිව හැකි බව ඔහු කියා සිටියේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ඊෙය් (7 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදියිග
මේ දිනවල ව්‍යාජ ඡන්ද පත‍්‍රිකාවක් සංසරණය වන බව අනාවරණ
කළ ඔහු ඡන්ද ලකුණු සහ අපේක්ෂකයන්ගේ නම් සහිත නිවැරදි ඡන්ද පත‍්‍රිකාව 07 වැනිදා පුවත්පත් හරහා ප‍්‍රසිද්ධ කළ බවද කියා සිටියා.

ඡන්ද දායකයින් ඡන්දය භාවිතා කිරීමේදී ජාතික හැඳුනුම්පත හෝ තාවකාලික හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය ෙව්ග

සියලූ ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ලැබෙන තුරු සහ ඡන්ද මධ්‍යස්ථානවල කලබලයක් නොමැති බවට තහවුරු වන තුරු ඡන්ද ගණන් කිරීම ආරම්භ නොකිරීමට ඊෙය් දිනය තුළ තීරණය කළ බවද මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළාග ඡන්දය වැළැක්වීමට කිසිවෙකු හෝ උත්සාහ ගතහොත් ඡන්දය ශූන්‍ය කරන බවයි ඔහු කියා සිටියේ.

මැතිවරණ කොමසාරිස්වරයාට ආතතිය පවතීද යන්න මාධ්‍යවේදියෙක් කළ විමසීමට ඔහුගේ පිළිතුර වූයේ තමන්ට එවැනි ආතතියක් නොමැති බවයි.
ඡන්ද පොලකට පැමිණ බාධා කිරීමක් සිදුකළහොත් පොලිසිය උපරිම බලය යොදන ආකාරය බලාගත හැකි බවද මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles