අලි පොත වනජීවී දෙපාර්තමේන්තුව විකෘති කරයි

0
106

වනජීවී දෙපාර්තමේන්තුවේ තිබූ අලි පොත හෙවත් අලි තෝම්බුව අද පරීක්ෂා කළ බවත් එහි ලියාපදිංචි ඇතැම් අලි සම්බන්ධ විස්තර විකෘත්ති කැර ඇතැයි පැහැදිලිව පෙනෙන බවත් සාංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි. අලි පොත විකෘත්ති කළ නිලධාරින්ට මෙන් ම බලපත්‍ර නොමැතිව හෝ ව්‍යාජ බලපත්‍ර සහිතව අලි ළඟ තබාගත් පුද්ගලයන්ට දේශපාලන පක්ෂ හෝ තරාතිරම නොබලා දඬුවම් දෙන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.