බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ රැජන ඇතුළු රජ පවුල එයින් සුළු කාලයකට ඉවත්වීමට සූදානම් වන බව එරට වාර්තා සඳහන් කර තිබේ. එම වාර්තාවට අනුව රජ මාලිගය වසර 1952න් පසු කිසිදු නඩත්තු කටයුත්තක් කර නැති හෙයින් මෙය අවශ්‍ය කරුණක් වී ඇත. බ්‍රිතාන්‍ය මහ රැජන 1952දී එම තනතුරට පත්වීම සඳහා පැවැති උත්සවයට නඩත්තු කටයුතු කිරීමෙන් පසු මතෛක් නඩත්තු කටයුතු කිසිවක් කර නැත.
දැනට මෙහි නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය මුදල බ්‍රිතාන්‍ය පවුම් මිලියන 35.7ක් බව සඳහන් වේ. වාර්තා සඳහන් කරන අන්දමට මෙම රජ මාලිගාවේ නඩත්තුව සඳහා 2014-2015 වසරවල වියදම එරට වැසියන්ගෙන් අය කෙරෙන බදු මුදලින් සියයට 56ක් බව සඳහන් වේ.
රජ පවුල සහ රජ මාලිගාව සඳහා මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීම එරට වැසියන්ගේ කතාබහට ලක්වී ඇත්තේ ඒ සඳහා තමන්ගෙන් විශාල බදු මුදල් අය කිරීමක් සිදුවන හෙයිනි.