13.3 C
London
Friday, November 14, 2025
spot_img

ඉතියෝපියානු ළමා විවාහක කඳුළු කතාව

ලන්ඩන් නුවර වෙසෙන අලෙම්ත්ෂායේ ගබේරිකිඩාන් 387 හැවිරිදි වියේ පසුවන සුබසාධන සේවිකාවකි. ළමා විවාහයන්ට එරෙහිව කටයුතු කරන ඇය ළමා විවාහ නිසා ජීවිත අඳුරු වූ පිරිස වෙනුවෙන්ද සුබසාධන ව්‍යාපෘති දියත් කරන්නීය. ඒ වෙනුවෙන්ම වෙන් වූ සුබසාධන පදනමක්ද ඇගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වේ.

අලෙම්ත්ෂාගේ ළමා විවාහයක ආදීනව අත්දැකීමෙන්ම හඳුනන්නියකි. ඉතියෝපියාවේ උපන් ඇය මනාලියක වූයේ වයස අවුරුදු 10ක කුඩා දැරියකව සිටියදීය. මංගල යෝජනාව පිළිබඳ දැනුම් දීමට ඇගේ මව ඇය නිවස තුළට කැඳවද්දීද අලෙම්ෂායේ හිටියේ සම වයසේ දරුවන් සමග මිදු‍ලේ සෙල්ලම් කරමිනි.

මට හිතාගන්න බැරිවුණා. ඒත් මට ඒ යෝජනාවට එරෙහි වෙන්න තරම් බලයක්වත් දැනුමක්වත් තිබුණෙත් නැහැ. යෝජනාව ලැබිලා මාස දෙකක් ගත වෙද්දී මගේ විවාහය සිද්ධ වුණා. මගේ මනාලයාව මම ඇස් දෙකට දැක්කෙත් ඒ දවසෙදිම තමයි. ඔහුට එතකොට වයස අවුරුදු 16යි. අපි දෙන්නාගේම පාසල් ගමන වගේම සෙල්ලමෙන් ගෙවුණ ළමා කාලයත් එතැනින් ඉවර වුණා.
අලෙම්ත්ෂාගේ ඒ අඳුරු මතකය සිහිපත් කරන්නීය. එතැන් පටන් අලෙම්ත්ෂාගේ මෙන්ම ඇගේ ළමා ස්වාමියාද සාමාන්‍යය ඉතියෝපියානු පවුලක් ලෙස වෙනමම ජීවිතයක් ඇරඹීය. වයස අවුරුදු 13ක් වෙද්දී අලෙම්ෂායේ සිඟිති පුතකුගේ මවක් වූවාය. දරුවා කුස දරා සිටීම මෙන්ම ඔහු මෙලොවට බිහි කිරීමද අලෙම්ත්ෂා අද පවා සිහිපත් කරන්නේ බියත් වේදනාවත් සමගිනි.
ඒ ඉතියෝපියාවේ සිවිල් යුද්ධය ක්‍රියාත්මක වූ කාලයයි. අලෙම්ත්ෂායේගේ සැමියාද යුද්ධයට ගියේය. නැවත පණ පිටින් අලෙම්ත්ෂායේ වෙත එන්නට ඔහුට වාසනාවක් නොවීය. දරුවා සමග වැන්දඹුවක ලෙස තනිවූ දහහතර හැවිරිදි අලෙම්ත්ෂායේ ජීවත් වීම වෙනුවෙන් නිවෙස්වල මෙහෙකාර සේවයේ යෙදුණාය.

ඇය ලන්ඩන් නුවරට පැමිණියේද එලෙස මෙහෙකාරකම් කළ ආරාබි පවුලක් සමගිනි. දැන් ඇගේ පුතු 25 හැවිරිදිය. කිසිදා ළමා විවාහයකට ඇතුළත් නොවන ලෙස තමා පුතු දැනුවත් කළ බව කියන අලෙම්ත්ෂායේ ළමා විවාහ වැඩි වශයෙන් සිදුවන ඉන්දියාව, ඉතියෝපියාව, නයිජීරියාව ආදී රටවල දරුවන් එම උවදුරෙන් බේරා ගැනීම වෙනුවෙන් දිවිහිමියෙන් ක්‍රියා කරන බවටද ප්‍රතිඥා දෙන්නීය.සමාජය විසින් සොරා ගත් සිය ළමා විය වෙනුවෙන් තමාට කළ හැකි සාධාරණය එයම පමණක් බව අලෙම්ත්ෂායේ පවසන්නේ කඳුළු පිරි දෙනෙතිනි.

අචිනි සෝමචන්ද්‍ර ඩේලි මේල් ඇසුරිනි
Rivira

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles