13.1 C
London
Sunday, December 7, 2025
spot_img

එටිසලාට්‌ ග්‍රාහක මධ්‍යස්‌ථාන 200 ක්

-ශ්‍රී ලංකාව තුළ සිය ආවරණය හා සේවාව තවදුරටත් පුළුල් කිරීම සඳහා දින 100 ක්‌ තුළ දිවයින පුරා තවත් ග්‍රාහක මධ්‍යස්‌ථාන (Base stations) 200 ක්‌ ඉදිකිරීමට එටිසලාට්‌ ලංකා පියවර ගෙන තිබේ. සිය පාරිභෝගිකයන්ට හොඳම සේවාවක්‌ ලබාදීම සඳහා සමාගම දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක්‌ ලෙස මෙය හැඳින්විය හැක. එටිසලාට්‌ ලංකා මේ වන විට සිය ජාලයේ යටිතල ව්‍යුහය වේගයෙන් පුළුල් කිරීම සඳහා පියවර රැසක්‌ ගෙන ඇති අතර ඊට සමගාමීව දිවයින පුරා සිය ආවරණය පුළුල් කිරීම සහ ශක්‌තිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි. මේ යටතේ දිස්‌ත්‍රික්‌ක 8 ක ඉදිකෙරෙන ග්‍රාහක මධ්‍යස්‌ථාන 200 අතරට ග්‍රාහක මධ්‍යස්‌ථාන අයත් වේ. සිය සේවාව තව තවත් වැඩිදියුණු කිරීම සඳහා එටිසලාට්‌ දරන වෑයමේ මෙම නවතම අදියර 2015 ජනවාරි 31 වැනිදා සම්පූර්ණ වනු ඇත.

මෙසේ එටිසලාට්‌ ජාලය තවදුරටත් පුළුල් කිරීමේ ප්‍රධාන අරමුණක්‌ වන්නේ මේ වනවිට ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වර්ධනය වන අන්තර්ජාල භාවිතාව සඳහා සිය පාරිභෝගිකයන්ට අතිනවීන සේවා පහසුකම් තවදුරටත් පුළුල්ව සැපයීමයි. එමෙන්ම විශේෂයෙන්ම අර්ධ නාගරික ප්‍රදේශවල වෙසෙන පාරිභෝගිකයන් සාමාන්‍ය ජංගම දුරකථන වෙතින් ස්‌මාර්ට්‌ ෆෝන් වෙත මාරුවීමේදී ඔවුන්ට ඉහළම තලයේ සේවාවක්‌ පිරිනැමීමට සූදානමින් සිටීම මෙහි තවත් ඉලක්‌කයකි. -ස්‌මාර්ට්‌ ෆෝන් එකක්‌ යනු අද වනවිට වයස්‌ බේදයකින් තොරව කවුරුත් පාහේ පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන දෙයක්‌. ස්‌මාර්ට්‌ ෆෝන් භාවිත කරන පාරිභෝගිකයන්හට අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක්‌ වගේම සුපැහැදිලි හඬක්‌ සහතික කරන HD Voice සේවාව ඇතුළු සේවා රැසක්‌ දීප ව්‍යාප්තව ලබාදීමට හැකිවීම නිසා එටිසලාට්‌ යනු ස්‌මාර්ට්‌ ෆෝන් භාවිත කරන්නන්ට වඩාත්ම හො`ද ජංගම දුරකථන ජාලය බව කියන්නට පුළුවන්. යනුවෙන් එටිසලාට්‌ ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි වයිල් සල්මාන් මහතා පැවසී ය.

දිවයින පුරා වෙසෙන පාරිභෝගිකයන්ට තම සේවාවන් දීපව්‍යාප්තව, නොවෙනස්‌ වූ ප්‍රමිතියෙන් හා නවීන තාක්‌ෂණයෙන් යුතුව ලබාගැනීමේ පහසුකම සලසා දීම අතින් එටිසලාට්‌ ලංකා සමාගම ක්‌ෂේත්‍රයට පැහැදිලි ආදර්ශයක්‌ ලබා දී තිබේ. එටිසලාට්‌ සමාගම තම පාරිභෝගිකයන්ට HSPA+ තාක්‌ෂණය සහ දිවයින පුරා පැතිරුණු 3ග75ඨ අන්තර්ජාල සබඳතාව සමගින් අති නවීන all-IP තාක්‌ෂණයෙන් සවිබල ගැන්වුණු ජංගම දුරකථන ජාලය, ලෝකය හා එක්‌වී උසස්‌ මට්‌ටමකින් අත්විඳීමට අවස්‌ථාව උදා කර දී ඇත. මීට HD Voiceැ තාක්‌ෂණයද එක්‌වී ඇති නිසා එටිසලාට්‌ පාරිභෝගිකයන්ට තම ස්‌මාර්ට්‌ ෆෝන්වල අන්තර්ගත විවිධාකාර පහසුකම් ක්‍රියත්මක කර ගැනීමට හැකියාවක්‌ ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles