22.6 C
London
Thursday, June 19, 2025
spot_img

ඊවා වනසුන්දරට මහින්දගෙන් මිලියන 2ක් ?

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රුපියල් මිලියන 2 ක් ලබා දීමට කටයුතු කොට තිබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙම මිලියන 2 ක මුදල හිටපු ජනාධිපතිවරයා විසින් අනුමත කොට ජනාධිපති කාර්යාලය විසින් චෙක්පත පවා පිලියෙල කොට තිබියදී මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිධූරය අහිමිවීම නිසා කලට වේලාවට මෙම චෙක්පත ලබා ගැනීමට ඊවා වනසුන්දර මහත්මියට නොහැකි වී තිබේ.
මෙම රුපියල් මිලියන 2 ක මුදල ජනාධිපතිවරයා විසින් අනුමත කොට ඇත්තේ ඊවා වනසුන්දර මහත්මියගේ සැමියාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා බව ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
මහින්ද රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ (නීති විද්‍යාලීය ප්‍රවේශ විභාගය සමත් වී නොව ෆීලික්ස් ඩයස් ඇමතිවරයාට පින්සිදුවෙන්නට) එකම කණ්ඩායමේ ඉගෙනුම ලැබූ ඊවා වනසුන්දර මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරය දක්වා පත්කිරීම කරනු ලැබුවේ හිටපු ජනාධිපතිවරයා විසිනි. මහින්ද හා ඊවා අතර පැවතුණු සමීප සම්බන්ධතාවය නිසා මෙම මිලියන 2 ක මුදල ඇගේ සැමියාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා වහා ගෙවා දමන ලෙස මහින්ද රාජපක්ෂ මහතා නියෝග කොට තිබිණ.
චෙක්පත නොලැබුණද ඒ පිලිබඳව හොඳින් දන්නා ඊවා වනසුන්දර මැතිනිය කළ උපකාරයට කෘතගුණ සැලකීම සඳහා ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබා දුන් බව නීති ක්ෂේත්‍රයේ මතයයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles