කොළඹ – නුවර 2මහා මාර්ගයේ වරකාපොල නගරයේ ධර්මසිරි සේනානායක මාවත අසලදී 16 දා අලුයම ත්‍රීවීල් රථයක් ලොරියක ගැටීමෙන් ත්‍රීවීල් රථයේ රියෑදුරු එම ස්ථානයේදීම මියගොස් ඇත. මෙම රිය අනතුරින් මියගිය අයගේ මෘතදේහය බාර ගැනීමට බිරියන් දෙදෙනකු ඥතීන් සමඟ පැමිණ වරකාපොල රෝහලේ හා වරකාපොල පොලිසියේ හඬා වැටී තමන්ට මියගිය අයගේ මළසිරුර ඉල්ලා සිටීමෙන් අනතුරුව වරකාපොල පොලිසිය විසින් පළමු විවාහක කාන්තාවට බාරදීමේ සිද්ධියක් ‘දිවයින’ ට වාර්තා විය.
මෙසේ මියගියේ කලපලුවාවේ රාජගිරිය පදිංචි කරුවෙකි. මොහු ලංකාවේ ප්‍රසිද්ධ සන්නිවේදන ආයතනයක වෙළෙඳ විධායක නිලධාරියකු බව පොලිසිය හෙළි කරයි. 16 දින අලුයම මහනුවර දෙස සිට කොළඹ බලා ත්‍රීවිල් රථය ගමන් කිරීමේදී ත්‍රීවීල්රථය ලොරියක ගැටීමෙන් බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මියගිය අතර ඔහු පැද වූ ත්‍රීවීල් රථයට ද බරපතල හානි සිදුවී තිබේ.
වරකාපොල පොලිසිය විසින් ඔහුගේ ඥතීන් වෙත දන්වා මරණ පරීක්ෂණය පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේ මියගිය අය වෙනුවෙන් විවාහක බිරියන් දෙදෙනකු ඉදිරිපත් වීම නිසා පොලිසියට බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවිය. පළමු විවාහක බිරිඳ හිඹුටාන, මුල්ලේරියාවේ පදිංචි දරුවන් තුන්දෙනකුගේ මවකි ඇයට වයස අවුරුදු 15, 13 දූවරු දෙදෙනෙක් හා අවුරුදු 7 ක් වයසැති පුතෙක් වෙති. දෙවැනි විවාහක බිරිඳ මීගහහේන, කටුවන පදිංචි දරුවන් දෙදෙනකුගේ මවකි. ඇයට අවුරුදු 5 ක් වයසැති හා අවුරුද්දක් වයසැති දරුවන් දෙදෙනෙකි.
මෘත ශරීරය ඉල්ලා භාර්යාවන් දෙදෙනා ඉදිරිපත් වීම නිසා දෙදෙනාගේ සාක්ෂි පිළිබඳව විමසා බැලූ පොලිසිය මියගිය අයගේ පළමු විවාහක බිරිඳට දේහය බාර දීමට තීරණය කළේය. දෙවැනි විවාහක බිරිඳට තම දරුවන් වඩාගෙන හඬා වැටෙමින් ගමට යැමට සිදු විය.
වරකාපොල අධිකරණ වෛද්‍ය නිලධාරි බී. ඒ. ඩී. සී. බාලසූරිය මහතා දේහය පරීක්ෂා කර හිසට සිදුවී ඇති බරපතළ හානි නිසා සිදුවූ මරණයක් බවට තීරණය කළ අතර නාගරික හදිසි මරණ පරීක්ෂක ඊ. ඒ. එස්. මල්කාන්ති මහත්මිය ඉදිරියේ වරකාපොල රෝහලේදී මරණ පරීක්ෂණය පවත්වන ලදී.
වරකාපොල පොලිසියේ ස්ථානාධිපති එච්. එම්. ජනකාන්ත මහතාගේ උපදෙස් මත උ. පො. ප. ජයතිස්ස, පො. සැ. 29894 ජයතිස්ස, පො.සැ. 17689 වනිගසේකර 34590 පො. කො. වික්‍රමරත්න යන අය වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.