Facebook නීති කඩයි, දත්ත හුවමාරු කිරීමේ අනතුරක්
පරිශීලකයන් ගේ අනුදැනුමකින් තොරව අනුබද්ධ ව්‍යාපාර සමඟ පුද්ගලික දත්ත හුවමාරු කිරීමේ නව ෆේස්බුක් ප‍්‍රතිපත්තිය යුරෝපා සංගමයේ නීතිය උල්ලංඝනය කිරීමකි. යුරෝපීය දත්ත ආරක්ෂණ කොමසාරිස් ගැරී ඬේවිස් මේ ගැන පැහැදිලි කරන ලෙස ෆේස් බුක් අඩවියට වෙත දන්වා ඇත.
එහි ප‍්‍රකාශක ඇන්ඩෲ නෝයස් තම ආයතනය වර්ධනය වන විට සම්බන්ධ වන ආයතන සහ තමන් ගේ සේවාවන් වැඩි දියුණු කර ගැනීමට එකිනෙකා අතර දත්ත හුවමාරු කරන බව සඳහන් කරමින් මීට පිලිතුරු ලෙස ඊමේල් පණිවුඩයක් යවා ඇතැයි වොෂිංටන් පෝස්ට් වාර්තා කලේය.
අපේ‍්‍රල් මාසයේදී ඩොලර් බිලියන එකකට ෆේස්බුක් මිලදී ගත් INSTAGRAM වැනි ආයතන සමඟ දත්ත හුවමාරුවේදී එය පරිශීලකයන්ට පිලිගැනීමට හෝ නොගැනීමට අවස්ථාවක් දීමෙන් මෙම නිතිමය ගැටළු නැතිකර ගත හැකියයි ඬේවිස් සඳහන් කරයි. මෙම නව ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශ කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් පරිශීලකයන්ගේ ඡන්දය නොවිමසීම ගැන චෝදනා එල්ල විය.
ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ ජෙෆ් චෙස්ටර් කියන්නේ FACEBOOK හි වාර්තාවන පුද්ගලික තොරතුරු භාවිතා කරන්නේ කෙසේදැයි යන්න තවමත් අපැහැදිලි බවයි ඔහුගේ ආයතනය ෆේස්බුක් අඩවියට එරෙහිව කොමිසම වෙත පැමිණිල්ලක් කිරීමට ඉලෙක්ට්‍රොනික පුද්ගලික තොරතුරු මධ්‍යස්ථානය හා එක් වීමට සැලසුම් කරමින් සිටී.
2009 ෆේස්බුක් ප‍්‍රතිපත්ති වෙනස් කිරීමේදී එහි පුද්ගලික ක‍්‍රියාකාරකම් තුන්වන පංතියක් මගින් විගණනය කිරීමට එකඟ වී ඇත.
- Advertisement -