19.4 C
London
Thursday, June 19, 2025
spot_img

ෆේස්බුක් ඔස්සේ කොළඹ වකුගඩු ජාවාරමක්

කොළඹ මූලික කරගෙන ඉන්දියානුවන් විසින් සිදු කෙරෙමින් ඇති වකුගඩු ජාවාරමක් පිළිබදව ඉන්දීය ආරක්ෂක අංශ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. හයිද්‍රාබාද්හි පදිංචිකරුවෙකු වන විසි හැවිරිදි දිලීප් මාරු නැමැත්තකු කොළඹදී වකුගඩු ජාවරමට ගොදුරුවී මිය ගොස් ඇති බවට මිය ගිය පුද්ගලයාගේ සොහොයුරා විසින් හයිද්‍රාබාද් මධ්‍යම අපරාධ ස්ථානයට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම ජාවාරම පිළිබද ඉන්දීය ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඉකුත් මාර්තු 22 වෙනිදා එම දිලිප් ඉන්දියාවේ සිට කොළඹ බලා පිටත්ව ඇත්තේ රැකියාවක් සොයා පැමිණෙන බව පවසමිනි. ඉන් දින හයකට පසු ඔහු කොළඹට පැමිණි බවට දිලිප් විසින් සොහොයුරාට දැනුම් දී ඇත. ඉන් අනතුරුව හදිසියේ ශ්‍රී ලංකා පොලිසිය විසින් දිලිප් ගේ නිවසට කතාකොට දිලිප් හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවත් මළ සිරුර රජයේ රෝහලක තැන්පත් කර ඇති බව දැනුම් ඩී ඇත.

දිලිප් ගේ මරණය පිලිබඳ සැක සිතු දිලිප්ගේ සොහොයුරා ඔහුගේ ෆේස්බුක් ගිණුම සහ ඊමේල් පරික්ෂා කර බැලීමේදී වකුගඩු විකිණීම සම්බන්ධ කතාබස් සිදුව ඇති බවට සාක්ෂි හමුව ඇත.

දිලිප් සමග ෆේස්බුක් ඔස්සේ මිතුරන් හය දෙනෙක් සම්බන්ධතා පවත්වා ඇති අතර ඒ අතර NV Kidney නමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන අයෙක්ද වේ. ඔහුට අවශ්‍යය වකුගඩු වර්ගය ෆේස්බුක් ස්ටේටස් ලෙස ඔහු ප්‍රසිද්ධ කරන අතර එයට එකඟ වන පුද්ගලයන්ට නොමිලේ ගුවන් ටිකට්පත් සහ වකුගඩුව ලබාදීම වෙනුවෙන් මුදලකුත් පිරිනමුනු ලැබේ.

 facebook_kidney ඔවුන් මේ සඳහා කොළඹ රෝහලක් තෝරාගෙන ඇත්තේ නීතියට මුවාවී පහසුවෙන් එය සිදුකිරීමට හැකියාව ඇති හෙයිනි. දිලිප් ගේ වකුගඩු මිලකොට තිබුනේ ලක්ෂ පහළොවකටය. 

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles