facebook පෙම එක් දරු මව බිලිගනී
November 12, 2013
20 Views
facebook හරහා ඇදී ගිය අනියම් පෙම් පලහිලව්ව දුරදිග ගොස් අවසානයේ එක්දරු මවක සිය නිවසේදී ගෙල වැලලාගෙන මිය යෑමේ සිද්ධියක් පාදුක්ක ප‍්‍රදේශයෙන් වාර්තා වේ. මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි පාදුක්ක ගලගෙදර පදිංචි විවාහක කාන්තාවකි. පාදුක්ක උඩුමුල්ල ප‍්‍රදේශයේ 20 හැවිරිදි තරුණයකු සමඟ facebook හරහා අනියම් පෙමක පැටලූණ මේ කාන්තාවගේ ආදර අන්දරය වසර 11/2 ක් තිස්සේ දිග්ගැසී යද්දී අවුරුදු හතරක ළමයකු සිටින ඇයව සිතෙන් අත්හැර දමන ලෙසද ඇය ඉල්ලා ඇති නමුදු එම විසි හැවිරිදි තරුණයා ඇයගේ ආදරය ඉල්ලා වැඩි වැඩියෙන් බලපෑම් කොට ඇති බවද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පැවැසීය.
ආදරයයි කැස්සයි සඟවන්නට නොහැකි යැයි යන්න සනාථ කරමින් ෆෙස්බුක්හි සැඟවී තිබූ අනියම් පෙමක රහස එළියට පැතිර යෑම නිසාදෝ ඇය එලෙස අවසන් ගමන් ගිය බවට වාර්තා විණි. පාදුක්ක පොලිසිය පරීක්ෂණ පවත්වයි
awesome Don't Miss featured Latest pretty cool slider spotlight Trending 2013-11-12