19.1 C
London
Thursday, June 19, 2025
spot_img

ෆයිසර් මුස්තාෆා ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

-මීට සුළු මොහොතකට පෙර ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී විදේශ ගතවී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යාංශය වලට අයත් විෂය පතය ගැසට් කිරිමේදී තමාගේ අමාත්‍යාංශයට අයත් විෂය පතයෙන් කොටසක් අරජුන රණතුංග අමාත්‍යවරයා යටතේ පවතින වරාය හා නාවුක ගුවන් සේවා අමාත්‍යාංශයට එකතු කර ගැසට් කිරීම මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව වාර්තා වෙයි.

එසේම තම අමාත්‍යාංශයට අයත් විෂය පතය ගැසට් කිරිමේදී මත්තල ගුවන් තොටුපොළ පමණක් ඇතුළත් කර ඇති බවත්, මේ හේතුවෙන් ඔහු සිත්තැවුලට පත්වී සිටි බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් අද පෙරවරුවේ කළ විමසීමකදී ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කර සිටියේ නීතීඥවරයෙකු ලෙස පූර්ණකාලීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බැවින් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට අදහස් කර සිටින බවයි.

එසේම අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පෞද්ගලික හේතුවක් මත සිංගප්පුරුව බලා ගිය බව ඒ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා සඳහන් කර සිටියේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles