Wednesday , 22 January 2025

හොර දොස්තර මාට්ටු වුන හැටි

ශල්‍යාගාරයට වෛද්‍යවරයෙකු ලෙස ඇතුළුවීමට ගිය අ‍යෙකු එම රෝහලේ වෛද්‍යවරුන් විසින් අල්ලා පොලිසියට බාරදී තිබේ.

දඹුල්ල මුලික රෝහලේ ශල්‍යාගාරයට මොහු මෙසේ ඇතුළුවීමට උත්සහ ගෙන ඇති අතර මෙම පුද්ගලයා ළඟ තිබී ව්‍යාජ ලෙස සකසන ලද වෛද්‍ය හැඳුනුම්පතක්,වෙද නලාවක් සොයාගන ඇත.
ඔහු කුමන කාරණයක් සඳහා පැමිණියේද යන්න පොලිසිය ප්‍රශ්න කරමින් සිටි.

සැත්කම් කාමරයට ගමන් කරන අතරදී සාමාන්‍ය ඇඳුමකින් සැරසී ඒ අසලින් ගමන් කළ වෛද්‍යවරයෙකුට මොහු ‘ගුඩ් මෝනින්’ කියා යන්නට හදන විට එම වෛද්‍යවරයාට ඇති වූ සැකය මත ප්‍රශ්න කිරීම නිසා මෙම පුද්ගලයා පොලීසියට බාරදීමට හැකි වී ඇත.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...