19.2 C
London
Monday, May 19, 2025
spot_img

හොර බුද්ධි නිලධාරිණිය කරපු දෙයක් !

ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි අංශයේ උසස් නිලධාරිනියක් ලෙස රගපාමින් පාණදුර හොරේතුඩුවේ නිවසක ධනවත් කාන්තාවක් සමග සති කිහිපයක් තිස්යේ දැඩි හිතවත් කමක් පැවැත්වු කතක් එම නිවසින් රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා රන් අභරණ සමග අතුරු දන්වී ඇත.

මෙම කාන්තාව පාණදුර හොරේතුඩුවේ නිවසක පදිංචි කාන්තාව සමග මිත්‍රවී ඇත්තේ කොළඹ විහාරස්ථානයක පැවති පින්කමකදීය.

දින කිහිපයක් මෙම කාන්තාව හොරේතුඩුවෙ පදිංචි කාන්තාවගේ නිවසටද පැමිණ ඉතා කුළුපගව කතාකරමින් හිතවත්කම හොදින් තහවුරු කර ගත්තාය . මගුල් ගෙදරකට යාමටයැයි පවසා ‍මෙම කාන්තාව රුපියල් හාරලක්ෂයකට ආසන්න මුදලක් වටිනා රන්අභරණ ලබාගෙන අතුරු දහන්වී ඇත. ඇය ආපහු රන් අභරන නොගෙනා නිසා හොරේතුඩුවේ ධනවත් කාන්තාව පාණදුර උතුරු පොලිසියට පැමිණිලි ඇත.

මේ සොරකම් ගැන පොලිසිය පරික්ෂණ අරඹා ඇතත් එම කාන්තාව ගැන තොරතුරු ‍සොයාගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා සිටි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles