වත්මන් රජයේ අතුරු අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහළ යෑම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම ආදී වශයෙන් සහන ජනතාව වෙත ලැබෙද්දී එමගින් කොළඹ කොටස් වෙළෙද පොළට ප්‍රබල බලපෑමක් එල්ල වී තිබේ. එහිදී අතුරු අයවැයේ ප්‍රතිවිපාක වඩාත් ඉහළ නංවමින් කොටස් වෙලෙද පොළ දින 03 ක ගනුදෙනු සතියක් ආරම්භ කරමින් ඒකක 179.99 ක් හෙවත් 2.51% කින් පහළ ගියේ පසුගිය සදුදා දිනය අවසන් වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 137.26 කින් හෙවත් 3.46% කින් පහළ ගියේ ඒකක 3824.98 ක් ලෙස සටහන් වෙයි. 2015 අතුරු අයවැය යෝජනාවෙන් රු. බිලියන 2ට (රු. මිලියන 2000) වැඩි 25% සුපිරි වාසි බද්ද මෙම කඩා වැටීමට විශේෂ හේතුවකි.
