වේගවත් ම එක්දින පිතිකරු

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීකට් ක්‍රීඩක කෝරී ඇන්ඩර්සන් ලොව වේගවත් ම එක් දින ශතකය වාර්තා කරයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරග 5 කින් සමන්විත තරගාවලියේ තෙවැනි එක් දින ක්‍රිකට් තරගයේ දී එම වාර්තාව පිහිටුවා තිබේ.

අයහපත් කාලගුණය හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 21 ට සීමා කරමින් තරගය ප්‍රමාද වී ආරම්භ විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ප්‍රවේගකාරී ඉනිමක් ආරම්භ කළ අතර ආරම්භක පිතිකරු ජෙස් රයිඩර් පන්දු 46ක දී ශතකයක් වාර්තා කරන ලදී.

සිව්වැනි පිතිකරු ලෙස පිටියට පැමිණි කෝරී ඇන්ඩසන් අඛණ්ඩ ව හයේ සහ හතරේ පහර එල්ල කරමින් පන්දු 36ක දී එක් දින ක්‍රිකට් ඉතිහාසයේ වේගවත් ම ශතකය ලබා ගත්තේ ය.

ඔහු විසින් එදින බිඳ හෙලන ලද්දේ 1996 වසරේ කෙන්යා නයිරෝ බිමේ පිහිටි ජිම්කානා ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්ථානු ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී පිහිටවූ වාර්තාවයි.

කෝරී ඇන්ඩර්සන්ගේ ඉනිමට හයේ පහරවල් 14 ක් සහ හතරේ පහරවල් 6 ක් ඇතුළත් විය.

ඉනිම පුරා නොදැවී ක්‍රීඩා කළ ඇන්ඩර්සන් නොදැවී ලකුණු 131 ක් ලබා සිටි අතර නවසීලන්ත කණ්ඩායම ලකුණු 281 ක් රැස් කරන ලදී.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබා ගත හැකිවූයේ ලකුණු 124ක් පමණි.

source-lakdana

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...