පුරුද්දක් වශයෙන් බාල වයස්‌කාර දැරියක් අඹුකමට ගෙනවුත් ටික කලක් තබාගෙන සිට ඔවුන් පලවා හරින තිරිසන් පුතෙකු තුන්වන වතාවටත් බාල වයස්‌කාරියක අඹුකමට ගනී.
වයස අවුරුදු දහඅට සම්පූර්ණවීමත් සමඟ තමා විවාහ කරගන්නැයි ඔහු අතින් කෙළෙසුණ එම තරුණිය තිරිසන් පුතාට කියයි. එහෙත් තිරිසනා එයට විරුද්ධවන බැවින් තරුණිය ඔහු සමඟ ආරවුල් ඇතිකර ගනී.
දිනක් තිරිසනාත් ඔහුගේ නව යොවුන් බිරියත්, තිරිසනාගේ පියාත් කුරුඳු කැපීමට කැලයක් මැදින් යති. ඒ අතර තිරිසනාගේ පියා තරුණියගේ හිසට පොල්ලකින් පහර දෙයි. ඇය සිහිසුන් වූ පසු තිරිසන් පුතා සහ ඔහුගේ මිතුරකුගේ ආධාරයෙන් තරුණියගේ ගෙල කපා මරයි.
ඉහත සඳහන් කතා ප්‍රවෘත්තිය මේ දිනවල රූපවාහිනියෙන් සහ පුවත්පත්වලින් අපි නිතර දකිමු. කියවමු. මෙය සිදුවුණේ ඇල්පිටියේ
පුවක්‌ගොඩැල්ලේදීය. තිරිසන් පුතාගේ තිරිසන් පියා වූ බමුණුආරච්චිගේ සරත් (49) සිද්ධිය ගැන පාපොච්ඡාරණයක් කළේය.
මෙබඳු ගල්ටික්‌කන් කතා කරවීම දුෂ්කර නමුත් පොඩි පොඩි වැඩ යොදා උන්ගේ කටවල් ඇරීමට පොලිසියට පුළුවන. එසේ කට ඇරීමේදී යකඩ පට්‌ටමක් හෝ රීප්ප කැබැල්ලක් පාවිච්චි කිරීමට සිදුවුවහොත් දතක්, දෙකක් ගැලවී යැම අප එතරම් ගණන් ගත යුතු නැත.
මන්ද යත් දතක් දෙකක් කැඩී යැමේදී උල්ලංඝනය වන සැකකරුගේ මූලික මිනිස් අයිතියට වඩා වටිනා ප්‍රකාශයක් උගේ කටින් එළියට එන නිසාය. මේ නිසා මෙබඳු සිද්ධිවලදී පොලිසිය වගකීමෙන් නිදහස් කිරීමේ අයිතිවාසිකමකට යටත් කළොත් යෙහෙකි. මන්දá වැඩක් හරියට කරන පොලිස් නිලධාරියාට ඒ සම්බන්ධයෙන් මානව අයිතිවාසිකම් කොමිසමක් ඉදිරියට යැමට ඉඩ හැරිය යුතු නැත.
ෙ€දවාචකයට ලක් වූ දැරිය බාල වයස්‌කාර සිසුවියකව සිටියදී රවටාගෙන එන තිරිසනාගේ නම ජනකය. ඔහු මෙයට පෙර ද බාල වයස්‌කාර දැරියන් දෙදෙනකු අඹුකමට තබා ගත් බව හෙළිව ඇත්තේ පියාගේ පාපෝච්ඡාරණයෙනි. මේ පවුල හරි පුදුම පවුලකි.
ඔවුන් සියලු දෙනාම විකෘති ලිංගික මනෝභාවයන්ගෙන් පෙළෙන බව පැහැදිලිය. නැත්නම්, පුතා බාල වයස්‌කාර දැරියන් රවටාගෙන විත් ඔවුන් කෙළෙසන විට (කැමැත්තෙන් සිදු වුවත් දැරිය බාල වයස්‌කාර නම් එය කෙළෙසීමකි.) වල්ගය පස්‌සා පැත්තේ ගසාගෙන සිටීමට දෙමාපියන්ට බැරිය.
මෙය තිරිසන් පුතා විසින් එක වරක්, දෙවරක් නොව තුන්වරක්‌ම කරන ලද්දකි. එබැවින් මෙය ඒ පවුලේ වැඩිහිටියන්ගේ පූර්ණ අනුමැතිය මත සිදු කෙරුණක් ලෙස හඳුනාගත හැකිය. පවුලේ අම්මාගේ අනුග්‍රහයත් මේ අසික්‌කිත වැඩපිළිවෙළට ලැබී තිබෙන බව පෙනෙයි.
ඕ සද්භාවයෙන් කටයුතු කළ කාන්තාවක් නම් තාත්තාටත්, පුතාට කුද ගසාගන්නැයි කියා පොලිසියට ගොස් මේ අකටයුත්ත ගැන පැමිණිලි කරන්නීය. එසේ නොකිරීමෙන් ඇයද මෙකී සමස්‌ත ෙ€දවාචකයේ පාර්ශ්වකාරියක බවට පත්ව තිබේ.
වල්කමට ඇති එකම බෙහෙත කර ඇඹීම පමණි. ශිෂ්ට ලෝකයෙහි මෙබඳු දඬුවම් නැති බව ඇත්ත. එහෙත් අශිෂ්ටයාට දඬුවම් කළ යුත්තේ අශිෂ්ට ලෙසය.
විත්තිකරුවන් ජීවත් වූ නිවස කිසියම් පිරිසක් විසින් විනාශ කරන ලද බව පුවත්පත් මගින් වාර්තා කර තිබිණ. විනාශයට පත්වූ ගෙයි පිංතූරයක්‌ද පළ විය. වහලයේ ටකරම් දෙකක් ගැලවීමට එම විනාශය සීමා විය.
ඒ අනුව අප හිතන තරම් දරුණුවට මිනිසුන් නීතිය අතට ගෙන නැත. අනෙක මෙවැනි උද්වේගකාරී අවස්‌ථාවකදී මිනිසුන් වැළැක්‌වීමටද නොහැක. නීතිඥයන් සහ පවුලේ අය හැර වෙන කිසිවකු අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේද නැත.