FB තර්ජනයෙන් ලාංකිකයා හිරේ October 2, 2012 Comments Off on FB තර්ජනයෙන් ලාංකිකයා හිරේ 2 Views ෆේස්බුක් සමාජ ජාල වෙබ්අඩවිය මඟින් පිලිපීන ජාතික කාන්තාවකට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වැරැදිකරු වූ ශ්‍රී ලාංකිකයකුට එරෙහිව ඩුබායි අධිකරණය මාස තුනක සිර දඬුවම් පනවා ඇතැයි ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි මාර්ග කියයි. මෙලෙස සිරදඬුවම් නියමවූයේ ඩුබායිහි හෝටලයක විදුලි කාර්මිකයකුටය. සිරදඬුවමින් පසු ඔහු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලෙසට අධිකරණය ඩුබායි ආගමන විගමන නිලධාරීන්ට නියෝග කෙළේය. විසිහතර හැවිරිදි පිලිපීන ජාතික කාන්තාවකට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ මරණිය තර්ජන කළ බවට චෝදනා ලැබ ඉකුත් අපේ‍්‍රල් මාසයේදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී එම චෝදනාවට ලාංකිකයා වරදකරු වූයේය. අදාල නඩු විභාගයේදී ලාංකිකයා ප‍්‍රකාශ කළේ එම පිලිපීන කාන්තාව සමග තිබූ හිතවත්කම මත ඩිරාම් 1000ක් දුන් බවයි. නැවත එම මුදල් දීම මඟහරිමින් සිටි බවය. මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවද ලාංකිකයා අධිකරණය හමුවේ කියා ඇත. Share featured Latest slider 2012-10-02 ceylonradio Share Facebook Twitter Google + Pinterest