12.6 C
London
Thursday, May 15, 2025
spot_img

” FCID යට දොර පොල්ල ගන්න”

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන්ට ගල් ගසන්න කියා තමන් නොකියන බවත්, එහෙත් නීති විරෝධිව පිහිටවූ මේ කොට්ඨාසයේ නිලධාරීන් ගෙදරට ආවොත් ගත යුත්තේ දොරපොල්ල බවට තමන් පවසන බවත් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ඊයේ (15) කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පැවසීය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීති විරෝධී අවි ආයුධ දරන කොටි සංවිධානයට සමාන ත්‍රස්ත සංවිධානයක් බවත් හෙතෙම පැවසීය. පසුගිය ආණ්ඩුවේ මූල්‍ය අපරාධ කෙළේ යැයි දේශපාලන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා මේ නිලධාරීන්ට මහ බැංකු මූල්‍ය ගණුදෙනුවට සම්බන්ධ නිලධාරීන් නොපෙනෙන බවත් පැවසූ ප්‍රසන්න මහතා මේ අපරාධ කොට්ඨාස ස්ථාපිත කළ පාර්ලිමේන්තු අනුකමිටුව සම්පූර්ණයෙන් “පාලිමන්ට් ජෝක්” එකක් බවද පැවැසීය. මෙයට අගමැතිවරයා පාලිමන්ට් ජෝකර්ලා සාමාජිකයින් ලෙස පත්කර ඇති බවද පැවැසීය.

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල්ගසා මරණතෙක් බලා සිටින බවට පැවසුවේ යැයි කියන ඩී. වී. උපුල් මහතාට එරෙහිව විභාගවන නඩුව නැරඹීමට පැමිණි නීතිඥවරයෙකු ලෙස තමන් මෙම ප්‍රකාශය මාධ්‍යයට කරන බව සඳහන් කරමින් අජිත් ප්‍රසන්න මහතා මෙම කරුණු මාධ්‍ය ඉදිරියේ පැවසීය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles