සත්තු වත්තේ ගැහැණු ඇනකොන්ඩා පිරිමි ඇනකොන්ඩාව ගිල දමයි
December 19, 2013
16 Views
දෙහිවල සත්ව උද්‍යානයේ සිටි ඇනකොන්ඩා ගැහැණු සතෙකු එහි සිටි අඩි දොළහක් දිග ඇනකොන්ඩා පිරිමි සත්වයාව මිට සුළු මොහොතකට පෙර ගිල දමා ඇත.මෙම සතුන් දෙදෙනා වෙන් වෙන්ව සත්වෝද්‍යානයේ ජිවත් වී ඇති අතර පසුගිය දින කිහිපයේදී මොවුන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බැවින් මොවුන් දෙදෙනා නැවත එකම ස්ථානයේ රඳවා තිබේ. එහිදී සත්වෝද්‍යානය විසින් ලබා දුන් ආහාර මෙම සතුන් ආහාරයට ගෙන ඇති නමුත් ගැහැණු සත්වයා විසින් පිරිමි සත්වයා ගිල දමා ඇත.
මෙම ඇනකොන්ඩා යුවළ 2003 වසරේදී මස දෙකක් වයසැති පැටවුන් ලෙස චෙක් රජයේ “පිලිසන් සිටී” සත්වෝද්‍යානයෙන් ශ්‍රීලංකාවට සතුන් හුවමාරු කිරීම යටතේ ලැබුණු බව දෙහිවල සත්වෝද්‍යානයේ ඇනකොන්ඩාවුන් භාරව කටයුතු කළ අධීක්ෂණ නිලධාරිවරයා පැවසිය.
මෙම ගැහැණු සතා අඩි පහළවයි අගල් හයක් දිග බවත් මොවුන් දෙදෙනාගෙන් ගැහැණු සතා වඩාත් ශක්තිමත් බවත් හෙතෙම සඳහන් කළේය.2008 වසරේ සිට 2010, 2011 සහ 2013 වසර වලදී මෙම ඇනකොන්ඩා යුවළගෙන් පැටවුන් බිහි කර ගෙන ඇති අතර දෙහිවල සත්වෝද්‍යානය සතුව මේ වන විට ඇනකොන්ඩා පැටවුන් 35 ක් පමණ සිටින බවද ඔහු සඳහන් කළේය.
2010 වසරේදී මොවුන් දෙදෙනාගෙන් ලැබුණු ඇනකොන්ඩා පැටවුන් දස දෙනෙකු විදේශයන්ට ලබා දී තිබේ.
awesome Don't Miss featured Latest mission pretty cool spotlight Trending 2013-12-19