“සිරි දළදාගමනය” චිත්‍රපටය පෙන්වීම නවත්වන ලෙස ඉල්ලමින් හිඟුරක්ගොඩ සමූපාකාර සිනමා ශාලාවෙහි හිමිකරු විසින් නඩුවක් දමා ඇති අතර එය අද දිනයේ විභාගයට ගැනීමට නියමිතයි.
එම නඩුවට හේතුවී තිබෙන්නේ මෙතෙක් කලක් EAP සමාගමේ චිත්‍රපට තම ශාලාවෙහි පෙන්වූ නමුත් පසුගිය 06 වෙනිදා සිට දිවයින පුරා සිනමාශාලා 50ක පෙන්වන “සිරි දලදාගමනය” චිත්‍රපටය පෙන්වීම සඳහා පිටපතක් එම ශාලාවට ලබා නොදීමයි.
EAP සමාගමෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වීම නිසා තමන් ඉච්ජාභංගත්වයට සහ මහත් කනස්සල්ලට පත්වූ බව පැමිණිල්ලේ සඳහන්ය.
2012 ජනවාරි සිට 2014 වසරේ පෙබරවාරි දක්වා කාලයේදී හිඟුරක්ගොඩ “සමූපාකාර සිනමා” ශාලාවෙහි EAP සමාගමට අයත් චිත්‍රපට හයක් ප්‍රදර්ශනය කර තිබේ. එපමණක් නොව එම සමාගමේ ඉල්ලීම සහ අනුමැතිය මත සිරි දළදාගමනය චිත්‍රපටය සම්බන්ධයෙන්ද පූර්ව ප්‍රචාරක දැන්විම්ද එම චිත්‍රපට ශාලවේ ප්‍රචාරය කර තිබේ.
එම ශාලාවේ හිමිකරු පවසන්නේ එම තමන් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමේ අරමුණින් රුපියල් ලක්ෂ දහයක් පමණ වැය කර සිය සිනමාශාලාව නවීකරණය කටයුතුද සිදු කල බවත්ය.
අනතුරුව අධිකරණය විසින් ජාතික චිත්‍රපට සංස්ථාව , එහි සභාපතිවරයා ඇතුළු පිරිසකට කොළඹ දිසාධිකරණය අතුරු තහනම් නොතිසි නිකුත් කර ඇත්තේ අද දිනයේ අධිකරණයේ පෙනි සිටින ලෙසයි.