ඇඟිලි සලකුණෙන් කාපු බීපුවත් කියන්න පුළුවන්

සලකුණු හිමියා ගැහැණු අයෙක්ද, පිරිමි අයෙක්ද යන්න හඳුනාගැනීමට හැකි තාක්ෂණයක් මේ වනවිටත් බ්‍රිතාන්‍ය පොලීසිය විසින් භාවිතා කරමින් සිටී.

මේ අතර ඇඟිලි සලකුණු වලින් යම් අපරාධකරුවෙකු කාපු බීපු දේවල් පවා හෙළිකරගැනීමට හැකි බව බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් පවසයි.

MALDI-MSI හෙවත් Matrix Assisted Laser Desorption Ionisation Mass Spectrometry Imaging ලෙස හැඳින්වෙන මෙම තාක්ෂණය මඟින් අපරාධකරුවා කෝපි පානය කර තිබේද, සුදුළුුණු සහිත ආහාරයක් ගෙන ඇත්ද, කුමන ආකාරයේ ඖෂධ ගෙන ඇත්ද යන්න සොයාගත හැකිය.

පොලීසි වල තිබෙන ඇඟිලි සලකුණු ගබඩාවන්හි නොමැති අපරාධකරුවෙකු පිළිබඳව විස්තර සොයාගැනීමට මෙමඟින් හැකි බව එම Sheffield Hallam විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසන අතර මේ වනට ඔවුන් West Yorkshire හි පොලීසිය සමඟ එක්වී මෙම තාක්ෂණය යොදාගනිමින් සිටී.

කටහඬ පුද්ගලයන් 500කට එක් අයෙකුගේ සමාන විය හැකි බවත්,
මුහුණපුද්ගලයන් 1000කට එක් අයෙකුගේ සමාන විය හැකි බවත්,
ඇඟිලි සලකුණු පුද්ගලයන් 50,000කට එක් අයෙකුගේ සමාන විය හැකි බවත්,
එක ඇසක IRIS scanning 1,500,000කට එක් අයෙකුගේ සමාන විය හැකි බවත්,
ඇස් දෙකේම IRIS scanning 2,250,000,000,000කට එක් අයෙකුගේ සමාන විය හැකි බවත්,
DNA පුද්ගලයන් 800,000,000,000,000කට එක් අයෙකුගේ සමාන විය හැකි බවත් සඳහන්වේ.

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්‌ ඝාතනය කිරීමේ හා ඔහුගේ පෙම්වතිය වූ වික්‌ටෝරියා සමූහ දූෂණයට ලක්‌ කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී පසුගියදා සැකකරුවන්ගේ DNA හඳුනාගැනීමක් පිළිබඳව හෙලිකර තිබුණි.

එහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ අනුක වෛද්‍ය පීඨයේ මහාචාර්ය ලසන්ති නිල්මිණි ගුණවර්ධන මහත්මිය කොළඹ මහාධිකරණය හමුවේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ එකම DNA රටාවන් ඇති දෙදෙනකු කිසිසේත් සිටිය නොහැකි බවයි.

අහඹු ලෙස ගත් දෙදෙනකුගේ DNA රටා එකක්‌ වීමේ හැකියාවේ සම්භාවිතාව බිලියන තුනකට එකක්‌ වන බවත් ලංකාවේ ජනගහනය මිලියන 20 ක්‌ පමණ වන බැවින් එවැනි සම්භාවිතාවක්‌ නොමැති බවත් ඇය විසින් පවසන ලදි.

නමුත් ලංකාවේ ජනගහනය මිලියන 20ක් වුවද ජනගහනය බිලියන 3ක් නැතැයි කියා එකම DNA රටා තිබෙන පුද්ගලයන් දෙදෙනෙක් සිටිය නොහැකි යැයි පැවසිය නොහැක.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...