අම්පාර මුල්‍ය ආයතනයකදී ගිනි තබාගත් පුද්ගලයා මියයයි

0
115

අම්පාර නගරයේ ලීසිං ආයතනයක දී සිරුරට ගිනි තබාගත් පුද්ගලයා අම්පාර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 02 වැනිදා පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.

අදාළ පුද්ගලයාට අයත් වාහනයේ ණය වාරික ගෙවා ගැනීමට අපහසු බව පවසමින් මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බව පොලීසිය පවසයි.

වයස අවුරුදු 40ක් වන අම්පාර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන ඔහු අදාළ මූල්‍ය ආයතනයෙන් කල් බදු පදනම මත ටිපර් රථයක් ලබාගෙන තිබේ.

එම පුද්ගලයා අත පෙට්‍රල් වැනි දෙයක් තිබූ බෝතලයක්ද තිබූ බවත් ඔහු එය ඇඟට හළා ගිනි අවුලුවා ගත්තේදැයි සැකයක් පවතින බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.