අම්පාර නගරයේ ලීසිං ආයතනයක දී සිරුරට ගිනි තබාගත් පුද්ගලයා අම්පාර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 02 වැනිදා පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.
අදාළ පුද්ගලයාට අයත් වාහනයේ ණය වාරික ගෙවා ගැනීමට අපහසු බව පවසමින් මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බව පොලීසිය පවසයි.
වයස අවුරුදු 40ක් වන අම්පාර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන ඔහු අදාළ මූල්‍ය ආයතනයෙන් කල් බදු පදනම මත ටිපර් රථයක් ලබාගෙන තිබේ.
එම පුද්ගලයා අත පෙට්‍රල් වැනි දෙයක් තිබූ බෝතලයක්ද තිබූ බවත් ඔහු එය ඇඟට හළා ගිනි අවුලුවා ගත්තේදැයි සැකයක් පවතින බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.