Wednesday , 22 January 2025

පියාඹන පීරිසියක් මුහුදට වැටිලා මාරවිල නොසන්සුන්

පියාඹන පීරිසියක් මුහුදට කඩා වැටිලා යන පුවතක් බදාදා(27)රාත්‍රීයේ පැතිර යාමත් සමගම මාරවිල – තල්විල වැල්ල ප්‍රදේශය දැඩි නොසන්සුන්තාවයක් ඇති විය. රාත්‍රී 7.30 ට පමණ මුහුදේ පා වෙමින් තිබු මෙම ආලෝකය ප්‍රදේශවාසියෙකු විසින් මුලින්ම දැක ඇත.

මාරවිල – තල්විල වැල්ල ප්‍රදේශයේ තරු පන්ති සංචාරක හෝටලයකට නුදුරු මුහුදේ නිවෙමින් දැල්වෙමින් පා වෙමින් තිබෙන කිසියම් අත්භූත ආලෝකයක් හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති විය.

පසුව මේ සම්බන්ධයෙන් මාරවිල පොලීසියද දැණුවත් කිරීමට ප්‍රදේශවාසීන් විසින් පියවර ගෙනඇත.

මුහුදු වෙරළේ සිට මීටර් 100 කට වඩා දුරින් දක්නට තිබී ඇති මෙම ආලෝකය තුළින් විටින් විට නිල් පැහැති ආලෝකයක් නිකුත් කර ඇත.පොලිස් නිළදාරීන්ද පැමිණ පරීක්ෂණ සිදු කළත් අත්භූත ආලෝකය නිකුත් කරන්නේ කුමකින්ද යන්න අනාවරනය කර ගැනීමට නොහැකි විය. මෙම ආලෝකය දැක ගැනීම සදහා විශාල ජනතාවක්ද මුහුදු වෙරළට එක් රොක්වී සිටි අතර ඔවුන් විවිධ මත පළ කරන්නට විට.

රාත්‍රී 9.00 පමණ වන විට මෙම ආලෝකය නිකුත් කර ඇත්තේ මුහුදේ පා වෙමින් තිබු විශාල ප්‍රමාණයේ විදුලි පන්දමකින් බවට අනාවරණය කර ගැනීමට ගම්වාසීන්ට හැකි විය.නමුත් ආලෝකය විහිදුවමින් තිබුණු මෙම විදුලි පන්තම මුහුදට වැටුනේ කුමන ආකාරයකටද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

මසුන් මැරීමට ගිය කිසියම් ධීවර යාත්‍රාවක් අනතුරට පත්වී එහි සිටි ධීවරයෙකු සතුව දැල්වෙමින් තිබුණු විදුලි පන්දමක් මුහුදට වැටී මෙසේ ගොඩ බිම දක්වා පා වෙමින් පැමිණියාද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී ඇත.නමුත් මුහුදේ අනතුරට පත්වු යාත්‍රාවක් හෝ ධීවරයෙකු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් දැන ගන්නට නොමැති බව මාරවිල පොලීසියේ නිළදාරියෙකු පැවසීය.

ජුඩ් සමන්ත
lakbima

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...