ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැදීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප්රජාතන්ත්රවාදී පක්ෂය තීරණය කරනු ඇතැයි තොරතුරු වාර්තාවනවා.එහි ලේකම් ආනන්ද මානවඩු මහතා පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව තරගවැදීමට මේ වන විට යෝජනා ඉදිරිපත්ව ඇති බවයි. ඉදිරියේදී ඒ පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ජා කරන බවද ඔහු සදහන් කලා.මේ අතර මහ මැතිවරණයේදී තනිව තරග වැදීම සම්බන්ධයෙන්ද සාකච්ජා පවත්වන බව ඔහු පැවසුවා. එහිදී තමන්ගේ ජන්ද පදනම ශක්තිමත්ව පවතින දිස්ත්‍රික්ක පිළිබද වැඩි අවධානයක් යොමුකර ඇති බවයි ලේකම්වරයා කියා සිටියේ.
Check Also
සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...
චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?
මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...