13.3 C
London
Friday, November 14, 2025
spot_img

එලොව ගිහින් මෙලොව ආ හැටි ෆොන්සේකා කියයි

මරාගෙන මැරෙන බෝම්බකාරිය යුද හමුදා මුලස්ථානයේ බෝම්බ පුපුරුවද්දී තමා මිනිත්තු පහක් පමණ කාරයේ දොර අල්ලාගෙන එහි එල්ලි සිටි බවත් ඉන් පසු වාහනයෙන් ඉවත්වී එතැන සිටි බවත් හමුදා නිලධරියකු තමා රෝහලට රැගෙන ගිය බවත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඉදිරියේ සාක්කි දෙමින් ප්‍රකාශක කළේය.

2006 සැප්තැම්බරයේ දී සිදු වු මෙම බෝම්බ පිපුරුවා ඔහු ඝාතනය කිරීමට ගත් උත්සාහය විස්තර කරමින් ෆොන්සේකා පැවසුයේ එදා පස්වරු 1 ට පමණ හමුදා ආරක්ෂාව යටතේ යුද හමුදා මුලස්ථානයෙන් පිටත් වී යාමට සුදානම් වු බවයි.

‘කහ සහ නිල් සල්වාර් ඇදුමකින් සැරැසුණූ කතක දොරටුවේ සෙනඟ අසල සිටියා.මගේ කාරය එම ගැහැනියට මීටර් දෙකකින් පමණ සමීප වෙද්දී ඈ සිටි පැත්තෙන් ගිනි දැල්ලක් මතු වුණා මගේ රියදුරා සුක්කානම මත ඇද වැටුණා.මගේ දෙපැත්තේ සිටි ආරක්ෂක නිලධාරීන්ද වැටුණා මා කාරයේ සුන් බුන් අතරින් එළියට බැස්සා දොර අල්ලාගෙන සිටියා.මිනිත්තු පහකට පමණ පසු හමුදා නිලධාරීන් පැමිණි මා රෝහලට ගෙන ගියා තුවාල වලට බේත් දමන තුරු මට සිහිය තිබුණා. ඉන් පසු සිහිය නැති වුණා.කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී පසුව සිහිය ලැබුණා.’

ෆොන්සේකාගේ සාක්කිය අවසන් විය.

සෙල්ව රාජා කිරුබාකරන් හෙවත් අලිනයාර් මොහොමඩ් නිස්තාර් ලතීෆ් නම් පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි එම් ශ්‍රී කාන්තන් මහතා හරස් ප්‍රශ්න ඇසුවේ නැත.
හනීෆා මොහොමඩ් සිද්දික් හා මරාගෙන මැරෙන කොටි කතක වු දුර්ගා සමඟ එක් වී ෆොන්සේකා ඝාතනය කිරීමට තැත් කළැයි සෙල්වරාජා කිරිබාකරන් ,ශන්මුගම් සුරිය කුමාර් තම්බයියා ප්‍රකාශ් මේ නඩුවේ චෝදනා ලබති.

Lankadeepa.lk

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles