Ford සමාගම බංකොලොත්ද? October 25, 2012 Comments Off on Ford සමාගම බංකොලොත්ද? 3 Views සුප්‍රසිද්ධ Ford සමාගම එහි Southampton කර්මාන්ත ශාලාව වසා දැමීමට සැලසුම් කරමින් සිටින බව අද වාර්තා උනා. ඔවුන් මෙය වාර්තා කලේ තමන්ගේ ව්‍යාපාර යුරෝපයේ ප්‍රතිසංවිධානය කිරීමේ එක් අංගයක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි. තවමත් නිල වශයෙන් මෙය ප්‍රකාශය කර නැතිමුත් එය හෙට එනම් 25-10-12 දින එය සිදු කිරීමට නියමිතයි. Ford ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Alan Mulally මේ සඳහා විශේෂ හමුවක් පැවැත්වීමට නියමිත අතර එහි කළමනාකරණය විසින් සේවක සංගම් නියෝජිත හමුවක්ද පැවැත්වීමට නියමිතයි. ඔවුන් බෙල්ජියමේ පිහිටි තම තවත් කර්මාන්ත ශාලාවක් වසා දමන බව පසුගිය දා ප්‍රකාශ කල අතර එයින් 4300 ක පමණ පිරිසකට රැකියා අහිමි වනවා. Ford සමාගම 37% ක තම ලාබයේ පහල බැසීමක් පසුගියදා වාර්තා කලා. මේ අතර එක්සත් රාජධානියේ ප්‍රධාන වෙළඳ ආයතනයක් වන Argos ආයතනය පවසන්නේ ඔවුන්ට තමන්ගේ ශාඛා 75 ක් ඉදිරි වසර පහ තුල වසා දැමීමට සිදු වන බවයි. Share featured slider spotlight 2012-10-25 ceylonradio Share Facebook Twitter Google + Pinterest