වවුනියාව, පූන්තෝට්ටම් ප්‍රදේශයේදී ඊයේ (03දා) රාත්රියේදී හිටපු ප්ලොට් සාමාජිකයෙකුවෙඩි තබා ඝාතනය කර ඇතැයි වවුනියාව පොලීසිය සඳහන් කරයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා වඩිවේල් අලකන් නමැති 45 හැවිරිදි හිටපු ප්ලොට් සාමාජිකයෙකු වන අතර මීට වසර 3 කටපමණ පෙර එම සංවිධානයෙන් ඉවත්ව තිබේ. පසුව ඔහු වවුනියාව වෛරව පුලියන්කුලම්ප්රදේශයේ ව්‍යාපාර කටයුතු සිදුකර තිබේ. මොහු තිදරු පියෙක් වන බවත් පොලිසිය පැවසීය.
ඊයේ රාත්‍රී 10.30ට පමණ පූන්තොට්ටම් ප්‍රදේශයේදී ඔහු ත්‍රිරෝද රථයකින්ගමන් කරමින් සිටියදී නාඳුනන පුද්ගලයෙකු පැමිණ වෙඩි තබා පලා ගොස් ඇති බවටතොරතුරු ඇතැයි වවුනියාව පොලීසිය සඳහන් කරයි.