14.8 C
London
Friday, May 23, 2025
spot_img

සිව්දෙනෙකු මරුට, දෙදෙනෙකුට අසාධ්‍යයි (VIDEO)

-රාගම බටුවත්ත දුම්රිය පොළ අසල දුම්රිය හරස් මාර්ගයේ දී වව්නියාව බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ, කැබ් රථයක් ගැටීමෙන් පියා, පුතුන් දෙදෙනා හා එක් දියණියක එම ස්ථානයේ දීම මරණයට පත්ව ඇති අතර මව සහ බාල දියණිය තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.මෙසේ මියගියේ මීගමුව මහ හුණපිටියේ ව්‍යාපාරික රාජ් කුලතුංග ධර්මසිරි (43) (පියා), රාජ්කුලතුංග හර්ෂ තරිඳු (19) (පුතා) , රාජ් කුලතුංග ලහිරු සාලිංග (14) (පුතා) සහ රාජ්කුලතුංග අංජලී ප්‍රබුද්ධි (21) (දියණිය) යි. වෙල්ගම ආචාරිලාගේ තුෂාරිකා සිල්වා (35) (මව) සහ රාජ් කුලතුංග තරුෂි මධුෂාණි (12) (දියණිය) තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් රෝහලට ඇතුලත් කරනු ලැ ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles