ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හෝලන්ඩේ සිය සහකාරිය වන වැලරි ට්‍රියර්වේලර්ගෙන් වෙන් වීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා එරට මාධ්‍යට පවසා ඇත්තේ, තමන් වැලරි සමග එක් ව බෙදා ගත් ජීවිතය අවසන් කළ බව ය.
ප්‍රංශ ජනාධිපතිවරයා නිළියක වන ජූලි ගේයට් සමග අනියම් සබඳතාවක් පැවැත් වූ බවට මීට සති දෙකකට පමණ ඉහතදී සඟරාවක් විසින් අනාවරණය කරනු ලැබිණ.
එම අනාවරණයෙන් පසු ප්‍රංශ ජනාධිපතිගේ සහකාරිය වූ වැලරි රෝහල්ගත කෙරිණ.
කෙසේ වෙතත් අදාළ අනාවරණය සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපතිවරයා කිසිවිටක අදහස් පළ කිරීමක් සිදු නොකළේ ය.
පෙබරවාරි මාසයට යෙදී ඇති සිය වොෂින්ටන් සංචාරයට පෙර මෙම ප්‍රශ්නය නිරවුල් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් දී තිබිණ.
සිය පෞද්ගලිකත්වය කඩ කිරීමේ චෝදනාව මත අදාළ සඟරාවට එරෙහි ව නඩු මගට බසින බවට ජුලි ගේයට් මාධ්‍යට පවසා තිබිණ.
අදාළ සඟරාව මොවුන් දෙදෙනාගේ සබඳතාවය පිළිබඳව පිටු 7ක වාර්තාවක් පළ කර තිබුණු අතර ඊට අනුව හොලන්ඩේ ජුලි සමඟ
සබඳතාවය ඇති කර ගෙන ඇත්තේ, 2012 ජනාධිපතිවරණ සමයේදී ය.
ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හෝලන්ඩේ සහ සහකාරිය වූ වැලරි ට්‍රියර්වේලර් සමග නීතියෙන් විවාහ වී නොතිබිණ.
ප්‍රංශ ජනාධිපති, ප්‍රංශුවා හෝලන්ඩේ, වැලරි ට්‍රියර්වේලර්, ජූලි ගේයට්
newsfirst