Wednesday , 22 January 2025

“ෆ්‍ර‍රන්ට්‌ ලයින්” මුදාහරී

-රේගුව විසින් රඳවාගෙන තිබූ “ෆ්‍ර‍රන්ට්‌ ලයින්” ජාත්‍යන්තර සඟරාව මුදාහරින ලෙස පසුගියදා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගයක්‌ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රි ලංකා රේගුවට නියෝග කර ඇත.
මෙරට තහනම් සංවිධානයක්‌ ලෙස කොටි සංවිධානය පත්වි ඇති බැවින් එම සඟරාව වෙළෙඳ පොළට නිකුත් නොකොට ශ්‍රි ලංකා රේගුව ඒය රඳවාගෙන ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගයක්‌ මතය.
ඉන්දියාවේ හින්දු පුවත්පත් ආයතනය මගින් පළකරනු ලබන “ෆ්‍රන්ට්‌ ලයින්” සඟරාවේ 30 වැනි සංවත්සරය නිමිත්තෙන් පෙබරවාරි 6 දින නිකුත් කළ විශේෂ කලාපය මෙසේ රඳවාගෙන තිබූ අතර එම සඟරාවේ පසුගිය 30 වසර තුළ පළවූ ලිපි කිහිපයක්‌ නැවත පළ කිරීමේදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවක්‌ අඩංගු ලිපියක්‌ද පළවී ඇත.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...