ඉන්ධන මිල ඉහළ යන ලකුණු

0
104

ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි.

ඛනිජතෙල් සංස්ථා ආරංචි මාර්ග පවසන්නේ  පසුගියදා ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස අඩු කළද ඒ සඳහා අය කෙරෙන බදු පහත නොදැමීම හේතුවෙන් සංස්ථාවට දැඩි මූල්‍ය අලාභයක් සිදුව ඇති බවයි.

ගතවූ මාස කිහිපයක කාලය තුළ ඉන්ධන අළෙවියෙන් ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන 04 කට ආසන්න අලාභයක් සිදුව ඇති බව ඛනිජතෙල් සංස්ථා ඉහළ නිළධාරියෙකුද තහවුරු කළේය.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 21 කට අධික අලාභයක්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15 කට අධික අලාභයක් ද සිදුවන බව සඳහන්ය.

රුපියල් 65 කට අළෙවි කරන භූමිතෙල් ලීටරයකින් රුපියල් 16 කට අධික අලාභයක් සිදුවන බව  ඛනිජතෙල් සංස්ථා ආරංචිමාර්ග පවසයි.

කෙසේ වෙතත් ඩීසල් අළෙවියෙන් ඛනිජතෙල් සංස්ථාවට ලාභයක් ඇති බව සඳහන්ය.

ඉන්ධන සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය අඩු කරන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීම් කළද මෙතෙක් ඊට එකඟතාවක් පළ වී නොමැති බව  ඛනිජතෙල් සංස්ථා ආරංචිමාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඛනිජතෙල් සංස්ථාවේ ප්‍රධානියෙකු පැවසුවේ මීට විකල්පයක් ලෙස ඉදිරියේදී ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට යෝජනා කර ඇති බවයි.