13.3 C
London
Friday, November 14, 2025
spot_img

ඉන්ධන මිල පහළට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහත දැමීමට රජය තීරණය කොට ඇති අතර ඒ අනුව (92 ඔක්ටේන්) පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 117 ක් ද, (95 ඔක්ටේන්) පෙට්‍රල් රුපියල් 128 ක්ද, ඩීසල් රුපියල් 95 ක් ද, සුපිරි ඩීසල් 110 ක් හා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 65 ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත.
පෙර පැවති මිල ගණන් අනුව රුපියල් 33 කින් පෙට්‍රල් මිල පහත දමා ඇති අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 23 කින් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 16 කින් ද පහත දමා ඇත.

ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් වෙනස් වීම හා වෙනත් වෙළෙඳපොළ ක්‍රියාකාරකම් මත පදනම්ව රටේ ආර්ථිකයට ගැළපෙන අයුරින් ඉන්ධන සඳහා කඩිනමින් මිල සූත්‍රයක් හඳුන්වා දිමට ක්‍රියා කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරට ත් පැවසී ය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles