මුහුණු ආවරණ පැළද දිවයින පුරා ප්‍රදේශ කිහිපයකම මහා පරිමාණ කොල්ලකෑම්හි නිරත වූ කොල්ලකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගැනීමට අතුරුගිරිය පොලිසිය සමත් වී ඇත.
පසුගිය 2 වෙනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මුල්ලේරියාව, අවිස්සාවේල්ල, පිළියන්ද, බෝකුන්දර , වැලිසර, ගල්කිස්ස, හොරණ, වැල්ලම්පිටිය ප්‍රදේශයන් හි රුපියල් කෝටියකට ආසන්න මුදල් ප්‍රමානයක් මොවුන් විසින් කොල්ල කා ඇති බවට වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී
අනාවරණය වී ඇත.
ඒ අතරම මොවුන් විසින් ඉන්ධන පිරවුම් හල් කිහිපයක් සහ අත්තිඩිය සහ බෝකුන්දර කොමර්ෂල් බැංකුව යන ස්ථානයන් ද කොල්ලකෑමට ලක් කොට තිබේ.මනුෂ්‍ය ඝාතනයක් සහ ටි 56 ගිනි අවි පෙන්වා සහ වෙඩි තබා බිය ගැන්වීමේ සිද්ධි ගණනාවකට ද මොවුන් වරදකරුවන් වන බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මිද්දෙනිය සහ මාවනැල්ල ප්‍රදේශයන් හි පදිංචි වයස අවුරුදු 30,24,18,45 වයස් හි පුද්ගලයින් බවට වාර්තා වේ. මොවුන් මේ වන විට අතුරුගිරිය පොලිසියේ භාරයේ රදවා තබා ගෙන ඇති බව
පොලිසිය පවසයි.
දිගින් දිගටම ෆුල් ෆේස් හෙල්මට් පැළද සිදු කළ මංකොල්ල කෑම් වැලැක්වීම සඳහා රජය ෆුල් ෆේස් හෙල්මට් තහනම් කළ අතර ඊට එල්ලලවු ජනතා විරෝධය නිසා එමි නීතිය අත්හිටවනු ලැබීය. දැන් මේ වන විට මෙම ෆුල් ෆේස් කල්ලිය අත් අඩංගුවට ගෙන ඇති නිසා තවදුරටත් ෆුල් ෆේස් තහනම අවශ්‍ය වන්නේ දැයි සැක මතුවෙයි.