13.1 C
London
Friday, November 14, 2025
spot_img

මුහුණු ආවරණය සහිත හෙල්මට් පැළඳීම ලබන 20 වැනිදායින් තහනම්.

-සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය සහිත (Full face) හෙල්මට් පැළඳ යතුරු පැදි ධාවනය කිරීම ලබන 20 වැනිදා සිට සම්පූර්ණයෙන් තහනම් කරන ලදී. මෙවැනි හෙල්මට් පැළඳ විවිධ පුද්ගලයන් සිදුකරන අපරාධ වැඩිවීම නිසා එය තහනම් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසනුයේ 2013 වසරේදී මෙවැනි හෙල්මට් පැළඳ යතුරු පැදි ධාවනය තහනම් කිරීමේ නීතිය පොලිසිය විසින් ගෙන එනු ලැබුවද විවිධ පුද්ගලයන්ගේ බලපෑම් නිසා එම නීතිය ක්‍රියාත්මක වීම නවත්වා දැමීමට සිදුවූ බවයි.

මෙම නීතිය ක්‍රියාත්මක වීම අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ද ප්‍රකාශයට පත් කරනු ලැබේ. තවද මෙම නීතිය කඩකරන පුද්ගලයන්ට එරෙහිව රුපියල් දහසත් සහ තුන්දහස් පන්සියයත් අතර ප්‍රමාණයකින් දඩ නියමයක් ද වනු ඇත. මීට අදාළ නීතිය ක්‍රියාත්මක කරවන ලෙස රථවාහන මූලස්ථාන පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම දැනුම් දීමක් කර තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles